කේවට්ට සිවලා සිංහ රජු හමුවෙයි
තම අයියණ්ඩිගෙන් සමුගත් කේවට්ට ඔහුට හිස නමා ආචාර කොට කාවින්ද නම් සිංහයා සිටි දෙසට ගමන් කළේය. ගරු සරු පලකිරීම් වශයෙන් හිස නමාගෙන බයාපස්ස කම් ඇතිව තමන් කරා එන කේවට්ටයා දුටු සිංහයා රැකවල් මඬුල්ලෙහි දොරටුපාලයා ඇමතීය. “දොරටුපාලය ඔය අතේ ඇති වේවැල පසෙක ලනු. මාගේ දීර්ඝකාලීන මිත්‍ර මන්ත්‍රීවරයාගේ පුතකු මෙහි එයි. ඔහු බාධාවකින් තොරව මෙහි ආ හැක්කෙකි. මාගේ රැකවල් පද්ධතියෙහි දෙවැනි මඬුල්ලට අයත් ඔහු මෙහි එන්නට සලස්වනු.” එබස් ඇසූ දොරටුපාලයා අතේ තිබූ වේවැල පසෙක තබා සීරුවෙන් සිටියේය.

