ශ්‍රී සරණතිස්ස දහම්පාසල

1.4 කේවට්ට සිවලා සිංහ රජු හමුවෙයි
ශ්‍රී සරණතිස්ස දහම්පාසල - අන්තර්ජාලයේ සදහම් දොරකඩ

කේවට්ට සිවලා සිංහ රජු හමුවෙයි

තම අයියණ්ඩිගෙන් සමුගත් කේවට්ට ඔහුට හිස නමා ආචාර කොට කාවින්ද නම් සිංහයා සිටි දෙසට ගමන් කළේය. ගරු සරු පලකිරීම් වශයෙන් හිස නමාගෙන බයාපස්ස කම් ඇතිව තමන් කරා එන කේවට්ටයා දුටු සිංහයා රැකවල් මඬුල්ලෙහි දොරටුපාලයා ඇමතීය. “දොරටුපාලය ඔය අතේ ඇති වේවැල පසෙක ලනු. මාගේ දීර්ඝකාලීන මිත්‍ර මන්ත්‍රීවරයාගේ පුතකු මෙහි එයි. ඔහු බාධාවකින් තොරව මෙහි ආ හැක්කෙකි. මාගේ රැකවල් පද්ධතියෙහි දෙවැනි මඬුල්ලට අයත් ඔහු මෙහි එන්නට සලස්වනු.” එබස් ඇසූ දොරටුපාලයා අතේ තිබූ වේවැල පසෙක තබා සීරුවෙන් සිටියේය.

කේවට්ටයා සෙමින් සෙමින් පැමිණ සිංහයාට ගරු සරු කොට ඔහු විසින් දක්වන ලද තැන හිඳ ගත්තේය. තම මහත් බලසම්පන්න දකුණු බාහුව කේවට්ටයාගේ හිස මත තැබූ කාවින්ද ආදර පෙරටුව ඔහුගේ මුහුණ බලා අනතුරුව “සබඳ, සැප සනීප කෙසේද? හුඟ දිනෙකින් පෙනෙන්ට නොසිටියේ මක් නිසාද?” යනුවෙන් විචාළේය.

“දේවයන් වහන්ස, මගෙන් ඉටුවිය යුතු විශේෂ මෙහෙයක් නොවූ නිසා ඔබ වහන්සේ හමුවට නොආවෙමි. එහෙත් ඔබ වහන්සේට යම්කිසි මෙහෙයක් ඉටු කිරීමේ අදහස ඇතිව අද මෙහි පැමිණියෙමි.” යනුවෙන් පිළිතුරු දුන් කේවට්ට ඊට මේ වදන් ද එකතු කළේය.

“දත් අතර හිරවූ ආහාර කැබලි ඉවත්කිරීම හා කන කැසීම ආදී කටයුතු වලදී තණනටුව පවා රජවරුන්ට ප්‍රයෝජනවත් වේ. කටයුතු කිරීම, කතා කිරීම යන ශක්තීන් මනාව පිහිටි ළබැඳියෙකුගෙන් රජ කෙනෙකුට ලද හැකි ප්‍රයෝජනය ගැන කුමට කියමි ද? එපමණක් ද, දිගු කලෙක සිට ඔබ වහන්සේගේ සේවකයෙකුව සිටින මම කවර ආපදාවකදී වුව සෙවණැල්ල සේ ඔබ වහන්සේ සමඟ එක්ව යා යුතුය. අපට වෙන අතුරු මඟක් නොමැත. දෙවයන් වහන්ස, සේවකයෝ හා ආභරණය යන දෙවර්ගය හැමවිට සුදුසු තැනම තැබිය යුතුය. කෙනෙක් තමන් වැදගතෙකු වූ නිසාම, හිසෙහි පැලඳිය යුතු මැණික පයෙහි නොපැලඳිය යුතුය. කිසියම් රජෙකු ධනය, වංශය, කුලය ආදියෙන් උතුම්ව බලයෙන් ආඪ්‍යව සිටිය ද, සේවකයාගේ ගුණ නොදන්නේ නම් ඒ සේවකයෝ ඔහු හැර දමා යති.”

“කිසියම් රජ කෙනෙක් කිසියම් සේවකයෙකු ඔහු හා අසමාන පහළ අය හා සම මට්ටමේ තබන්නේද?, එක හා සමාන අය මධ්‍යයේ ඔහුට නොසැලකිලි කරන්නේ ද?, ඔහුට නිසි තානාන්තරයට පත් නොකරන්නේ ද?, එම සේවකයා ඒ නැණහීන රජු වෙතින් ඈත් වන්නේය. කළයුතු දේ නොකළයුතු දේ තෝරා බේරා ගැනීමට අපොහොසත් කිසියම් රජ කෙනෙක් උසස් තනතුරකට සුදුසු සේවකයෙකු ඊට වඩා පහළ තනතුරුවලට පත්කළොත් ඒ සේවකයා ඒ රජු වෙතින් ඈත් වන්නේය. අගනා මැණිකක් ඔබ්බාලිය යුත්තේ රන් ආභරණයකමය. එහෙත් එය බාල ලෝහයෙන් නිම වූ ආභරණයක එබ්බවුව ද, මැණිකේ දීප්තිය අඩු නොවේ. එම ආභරණය පැලඳ සිටින අයගේ නොදැනුවත්කම හා අවිචාරයම එයින් ඉඳුරා පළවේ.”

“දේවයන් වහන්ස, දිගු කලකින් දක්නට නොලැබුණේ මන්දැයි ඔබ වහන්සේ කළ විමැසීමට අදාළව මේ පුවත් දන්වා සිටිමි. ඒ අසනු මැනවි”යි පැවසූ කේවට්ට වැඩිදුරටත් මෙසේ කීය.

“වීදු කැටය මැණිකකැයි ද, මැණික වීදුරු කැටයකැයි ද වැරදියට හඳුනාගන්නා ස්වාමියෙකු හට ආත්ම ගෞරවය ඇති සේවකයා මෙහෙ නොකරයි. කිසියම් රටක මැණික් පිරික්සන්නන් නොමැතිනම්, එරට හමුවන මැණික්වල අගය එරට වැසියන්ට දත නොහැක. මාළු අල්ලන්නන් වසන රටක දී සඳකත්මිණක අගය බෙල්ලන් තිදෙනෙකුගේ මිල යයි තක්සේරු විය. කිසියම් රටක ජනයා ගෝමේද මැණික් කැටයේ සහ පද්මරාග නම් මැණික් කැටයේ වෙනස නොදනිත් නම් කෙනෙක් ඒ රටට ගොස් මැණික් වෙලඳාම් කරන්නේ කෙසේද? කිසියම් ස්වාමියෙක් තම සේවකයන් හැමට විශේෂයක් නැතිව සලකන්නේ ද, ඔවුන් එකිනෙකාගේ කටයුතු සහ හැකියාවන් නොහඳුනන්නේ ද, හැකියාව ඇති සේවකයෝ එම ස්වාමියා හැර දමා යන්නෝය.”

“දේවයන් වහන්ස, ස්වාමි සේවක යන දෙපක්ෂය අතර මනා අන්‍යෝන්‍ය සහයෝගයක් තිබිය යුතුය. ස්වාමියෙකු නැති සේවකය්කුත්, සේවකයෙකු නැති ස්වාමියෙකුත් ලොව කොතැනකවත් නොමැත. කොතරම් දේශයේ ආරක්ෂාව තකන, තම රටවැසියාගේ යහපත සළකන, බලසම්පන්න රජෙක් වුවද ලැදි සහ හිතවත් සේවකයන් ඈත්වුණ විට රැස් කළඹ නැති හිරු සේ නොබබලන්නේය. තම හිසේ වැවී නොයෙක් යහපත් තෙල් ආලේපිත කළේ වූවද තෙල් නොමැති විට හිසකෙස් වියළී වෙනස් වෙයි. ස්වාමියාගේ ළෙන්ගතු කම් නැතිවූ විට සේවකයෝ ද එයාකාරයෙන්ම වෙනස් වෙති. සේවකයාගේ සේවාවෙන් සතුටට පත්වෙන රජතුමා ඔහුට කෘතගුණ දක්වන්නේ ධනය දීමෙනි. එහෙත් ස්වාමියාට ලෙන්ගතු වන සේවකයා ඔහු වෙනුවෙන් ජීවිතය වුව පූජා කරයි. කළයුත්ත නොකළයුත්ත වැටහෙන, කුලවත්, ශූර, වීර, ගුණවත්, සවිමත් හා භක්තිමත් වූ, පරම්පරාවට ලැදි සේවකයා රැකීම ස්වාමියාගේ බලවත් යුතුකමකි.”

“දේවයන් වහන්ස, කිසියම් සේවකයෙක් වෙනත් කෙනෙකුට කළ නොහැකි වූ අමාරු වැදගත් සේවයක් කොට ස්තූති ප්‍රශංසා ලැබෙන අවස්ථාවේ තමන් කළ දෑ හෙළි නොකොට නිහතමානීව සිටී ද, එම සේවකයා රජුගේ මහත් ගෞරවයට සහ මහත් ආදර කරුණාවට බඳුන්විය යුතුය. තමන් වෙත පැවරුණු සේවය සැක සංකාවෙන් තොරව සපුරාලන සේවකයා ස්වාමියා විසින් තම දෙවැනි බිරිඳ සේ සිතා ආරක්ෂා කරනු ලැබිය යුතුයි. කිසියම් සේවකයෙක් ස්වාමියාගේ කැඳවීමක් නොමැතිව ඔහු හමුවට පැමිණ ඔහුගේ ආරක්ෂාවට හා තනි නොතනියට සිටින්නේ ද, යමක් විමසන ලද විට සත්‍ය පිළිතුරක්ම සපයන්නේ ද, එවන් සේවකයා රැකීම ස්වාමියාගේ අවශ්‍යම යුතුකමකි. කිසියම් සේවකයෙක් ගෞරව ලැබෙන විට උඩඟු නොවන්නේ ද, නින්දා ලැබෙන විට කම්පා නොවන්නේ ද, ගෞරව නින්දා යන ධර්මතා දෙකෙහිදීම මැදහත් සිතින් ඒවා ඉවසයි ද, එම සේවකයා ස්වාමියා විසින් අවශ්‍යයෙන්ම රකිනු ලැබිය යුත්තෙකි. කිසියම් සේවකයෙක් කුසගින්න හා නිඳිමත ආදියෙන් පසුබට නොවී උණුසුම හා සිසිල ආදිය මැදහත්ව උසුලයි ද, එම සේවකයා ස්වාමියා විසින් අවශ්‍යයෙන්ම රකිනු ලැබිය යුත්තෙකි.”

“කිසියම් සේවකයෙක් තම රජතුමා කරන්නට සැලසුම් කොට ඇති යුද්ධයක් ගැන අසා කම්පාවට හා බියට පත් නොවී සතුටු මුහුණෙන්ම සිටින්නේ ද, එම සේවකයා ස්වාමියා විසින් අවශ්‍යයෙන්ම රකිනු ලැබිය යුත්තෙකි.”

“රජතුමනි, මේ බසටත් සවන්දුන මැනවි. අශ්වයා, පොත, කඩුව, ස්ත්‍රිය, සේවකයා, බටනළාව, සහ වචනය යනාදියේ අගය හෝ නොඅගය රැඳී ඇත්තේ ඒවා පාවිච්චි කරන අයගේ යෝග්‍යතාවය හා අයෝග්‍යතාවය මතමය. මා සිවලෙකු බව සැබෑ වුවද, මට ගර්හා නොකොට මෙපවත් අසනු මැනවි. කසී පට වස්ත්‍රය පටපණුවන්ගෙන් ද, රත්‍රන් පොළොවේ ආකර වලින් ද, ඊතණ ගවයන් ලගින බිමෙන් ද, පියුම මඩ ගොහොරුවෙන් ද, නිල් මානෙල් කුසුම ගොම මුසු දිය කඩිත්තෙන් ද, ගින්දර ගිනි ගලෙන් ද, කණ්ඨමාණික්‍යය නාග මුඛයෙන් ද, ගෝරෝචන ගව පිතෙන් ද ජනිත වන්නේය. එම අනගි දෑ සම්මනයට හා ඇගයීමට බඳුන් වන්නේ උපන් තැන කුමක් වුව ඒවා සතු විවිධ ගුනාංගම හේතුවෙනි. එහෙයින් මාගේ හීන වූ ජන්මය නොසලකා මට සවන් දෙනු මැනවි.”

“මනුෂ්‍යයා මීයා සිය ගෙයිම ඉපිද හැදී වැඩුණ නමුත්, ඌ තම ධාන්‍ය විනාශ කරන බැවින් ඌ මරා දමයි. එහෙත් මීයන් මැරීමෙන් තමන්ට සේවයක් කරන බළලා පෝෂණය කිරීමට හෙතෙම පසුබට නොවේ. කොතෙක් විශාල ප්‍රමාණයකින් එකතුකොට තැබුවත්, එරඬු, වරා සහ බට යන ගස් වලින් දඬු ලබාගෙන දැව බඩු තැනිය නොහැකිය. එපරිද්දෙන්ම අඥානයන් කෙතරම් සිටියත් කාට එයින් ප්‍රයෝජන ලැබිය හැකි ද? භක්තිය තිබූ පලියටම කටයුතුවල අසමත් මිනිසාගෙන් ඇති ඵලයක් ගැන කිව නොහැක. කටයුතු වල සමත් වුව අවැඩ කරන මිනිසාගෙන් ඇති ඵලයකුත් නැත. එහෙයින් මහ රජතුමනි, සවිමත්, ළෙන්ගතු, කටයුත්තෙහි සමත් මා, සිවලෙකු වූ නිස්සම නින්දා නොකොට ඔබ වහන්සේගේ කිසියම් කාරියක් ඉටු කිරීමට ඇතොත් එය මට පැවරුව මැනවි.” කේවට්ටයා කාවින්ද සිංහයාට හිස නමා මහත් ගරු සරු දක්වා ප්‍රකාශ කළේය.

“කේවට්ට එය එසේමයි, සවිමත් හෝ නොසවිමත් වේවා. දක්ෂ හෝ අදක්ෂ වේවා, නුඹ මාගේ හිටපු මන්ත්‍රී කෙනෙකුගේ පුතෙකි. මට යම් තොරතුරක් දීමට රිසිනම් මා ගැන විශ්වාසය තබා එය මට කියනු.” සිංහයා කීවේය. “දේවයන් වහන්ස, ඔබ වහන්සේට කියනු රිසි තොරතුරක් ඇතැ”යි කේවට්ටයා පිළිතුරු දුන් විට, “එසේ නම් එය ප්‍රකාශ කරනු”යි සිංහයා ඊට අවසර දුන්නේය.

“මහරජතුමනි, රජවරුන් පිළිබඳ ඉතා සුළු දෙයක් වුව මහ පිරිස මැද කීම නොහොබිනේ යයි දෙවියන්ගේ ගුරු දෙවිඳු කියා ඇත. කන් සයකින් අසනු ලබන තොරතුර බොහෝ පහසුවෙන් හා ඉක්මනින් තවත් කන් වලට යයි. කන් සතරකට යන තොරතුරු එසේ නොවේ. එහෙයින් ඥානවන්තයෝ කන් සයක් අතරේ කෙරෙන තොරතුරු හුවමාරුවෙන් වළකිති. මන්ද එයින් අවශ්‍ය කටයුත්ත වැළකී විපතක්ම සැලසෙන බැවිනි.” කේවට්ටයා කීවේය.

The post 1.4 කේවට්ට සිවලා සිංහ රජු හමුවෙයි appeared first on ශ්‍රී සරණතිස්ස දහම්පාසල.

1.3 කේවට්ට සිවලා සිය සයවිධ යුද්ධෝපාය විස්තර කරයි
ශ්‍රී සරණතිස්ස දහම්පාසල - අන්තර්ජාලයේ සදහම් දොරකඩ

කේවට්ට සිවලා සිය සයවිධ යුද්ධෝපාය විස්තර කරයි

“මලණ්ඩ ඇසිය යුත්තක්ම ඇසුවෙමි. ඉතා යහපත්ය. හොඳයි, ඔබ බියෙන් පීඩිතව සිටින කාවින්දයා ළඟට ගොස් ඔබ කියූ සයවිධ ක්‍රම වේදයෙන් එක ක්‍රමයක් යොදා ඔහුගේ සිත් දිනාගන්නේ කෙසේදැයි දැනගනු කැමැත්තෙමි.” විදූෂකයා කේවට්ටයාට කීය.

“අයියණ්ඩි, එසේ නම් ඔන්න අහගන්න. මා කී සයවිධ ක්‍රමවේදය මෙසේය. සන්ධි යනු, තමාට වඩා බලවතෙකු යුද්ධයට ආ විට ඔහු හා යුධ නොකොට සමාදානයට එළැඹීමයි. විග්‍රහය යනු, සතුරා සමඟ කෙළින්ම යුද්ධ කිරීමයි. යාන යනු, සතුරා ප්‍රබල නම් ඔහු දුබල වී තමන් ප්‍රබල වන අවස්ථාවක් එනතුරු පසුබැසීමයි. ආසන යනු, රණවිරුවන්, උපකාර සේවා, ආහාරපාන, යුද්ධායුධ, ආදියෙන් සම්පූර්ණ වී පුවරු අගල් ආදියෙන් වට වූ බල කොටුවක් ඉදි කොට යුද්ධයට කල් එනතුරු එහි රැක සිටීමයි. සංග්‍රහ යනු, බලවත් සතුරෙකු යුද්ධයට එළැඹිවිට ලොකු කුඩා මිතුරන්ගේ ආධාර ලබා ගැනීමයි. දෙපිටහදී බව යනු, උපාය යොදා සතුරාගේ විශ්වාසය දිනාගෙන ඔහු කෙරෙහි අවිශ්වාසයම උපදවාගෙන රහසේ යුද්ධයට සැරසී සුදුසු අවස්ථාවේ අනපේක්ෂිත ලෙස ඔහුට පහර දීමයි.” යනුවෙන් කේවට්ටයා සයවිධ ක්‍රමවේදය විස්තර කලේය.

“යහපති මලණ්ඩ, එහෙත් මට මෙය කියන්න. බියන් වෙවුල වෙවුලා ලැග සිටින කාවින්දයා හමුවට යන ඔබ මුලින්ම ඔහුට කියන්නේ කුමක්ද?” විදූෂක ප්‍රශ්න කළේය. “කතාවක් පටන්ගත් විට කෙනෙකුගෙන් ලැබෙන ප්‍රථම පිළිතුර නිසා තව තවත් ප්‍රශ්න සහ පිළිතුරු පැන නගී. වර්ෂා කාලයේ වපුල ධාන්‍ය ඇට වලින් තවත් ධාන්‍ය ඇට ලැබෙන්නා මෙනි”යි ප්‍රකාශ කළ කේවට්ට, “අයියණ්ඩි, ඔන්න එහෙනම් අහගන්න.”යයි කීය.

“නැණවතා යට කී සයවිධ ක්‍රමවේද වැරදියට යෙදීමෙන් රජුට සිදුවන විපත ද, හරිහැටි යේදීමෙන් ඔහුට ලැබිය හැකි සැපත ද, ඇති හැටියටම අවබෝධ අරගනී. අඥාන වූ කෙනෙක් යමෙකු කිසිවක් ඇසූ විට හරියටම දැන තහවුරු කර නොගත් ප්‍රවෘත්තිය වුව ගිරා න්‍යායෙන් ඒ අයුරින්ම ඇද බාන්නේය. ඔහු තමන් විසින් අසන ලද දේ පැහැදිලි කිරීමය ගිය තැන ගොළුවෙකු වන්නේය. එහෙත් කථාවෙහි දක්ෂ ව්‍යක්ත වූ නැණවතා තැනට ගැළපෙන සේ අදහස ප්‍රකාශ කරන්නේය.”

“එහෙයින් අයියණ්ඩි, මම කාවින්දයා හමුවී තැනට නොගැළපෙන දේ කතා නොකරමි. මම අප පියාණන්ගේ තුරුලේ සිටියදී එම නීතිය හොඳින් උගත්තමි. දෙවියන්ගේ ඇදුරා වුව තැනට නුසුදුසු සේ කතා කළොත් නින්දාවට පත්කළ හැකි කථිකත්වයක් මම ජන්මයෙන්ම ලබා සිටිමි“යි කේවට්ටය පැවසූ වදන් ඇසූ විදූෂක “ඒත් මලණ්ඩ රජුන් සතුටු කොට සිත දිනාගැනීම නම් ඉතා අසීරු කටයුත්තකි. මා එසේ කියන්නේ මෙන්න මේ නිසයි. ඒ අසන්න”යි කීය.

“අල්ලස් ගැනීමේ එකම අභිප්‍රායෙන් කටයුතු කරන සේවකයන් සහ දුර්ජන ගති පැවතුම් ඇති මැති ඇමති නිලධර ආදීන් විසින් වට කරගෙන සිටින, සැර පරුෂ ස්වභාවය ඇති කරුණාව සහ දයාව විරහිත රජවරු, බලවත් විෂ සහිත සර්පයන් සහ සිංහ, ව්‍යාඝ්‍රාදී බිහිසුණු මෘගයන් ගැවසෙන, ළඟාවීම අසීරු දුෂ්කර ස්ථාන වැනිය. විවිධ රසයෙන් නිරතුරු අසීමිතව ඉඳුරන් පිනවීම නිසා හෙම්බත් වූ අවයව සහිත, නොයෙක් දූෂණ ක්‍රියාවනුත් වැරදි සිරිත් සහ ඇබ්බැහිකමුත් නිසා විපරීත වූ කටුක වූ ස්වභාවය ඇති, හැමවිටම අවි බලය ඇති බැවින් ගතු කියා කුපිත කොට රිසි සේ හැසිරවිය හැකි ස්වරූපය සහිත රජවරු, ගරුඬ මන්ත්‍ර ආදියෙන් වශී කළයුතු විෂඝෝර නාගයන් වැනිය.”

“මලණ්ඩ එපමණක්ද, නිදහස හා විවේකය ආදිය කැපකොට ලෝවැස්සන්ගේ යහපත සඳහා කළයුතු කටයුතු නිමා නොකරන, ඔවුන්ට සැනසීම නොගෙනෙන, නිතර අනුන්ගේ වැරදිම දකින සොයන රජවරු දිව දෙකක් ඇති විෂඝෝර සර්පයන් සේ දරුණුය. විශ්වාස කළ නොහැකිය. ස්වභාවයෙන් දරුණු, පැවැත්මෙන් කැළ්ඹී යන, චරිතය චපල වූ, ඉතා පහසුවෙන් මුලාකළ හැකි වූ සියල්ල භයංකරය. අවියක් අතට ගෙන සිටින මිනිසා ද, ගංගාව ද, ස්ත්‍රිය ද, රජු ද යට කී ස්වභාවය ඇත්තාහුය. රඳා සිටින මඳුනක් නැතිනම් නැවතී නොසිටින ජලය කුඩා සිදුරකින් වුව වහා ගලා බැහැර වේ. ඉතා ප්‍රවේසමින් හා සෝදිසියෙන් යුතුව ආරක්ෂා නූණොත් ඉතා කුඩා වරදකින් වුව රජුගෙන් ලද සියල්ල අතුරුදන් වෙයි.” විදූෂක තම දැනුම ප්‍රකට කළේය.

“අයියණ්ඩි ඔබ කී දේ මුළුමනින්ම සත්‍යයි. එහෙත් ඔබ මේ වග අසා නොමැති ද?” යනුවෙන් විමසූ කේවට්ට මෙසේ ප්‍රකාශ කරන්නට විය. “තම ස්වාමියාගේ මනාපය හඳුනාගෙන ඊට ගැළපෙන සේ කටයුතු කිරීමේ හැකියාවක් සහ තමන් දකින තම බස් අසන හැමගේ කැමැත්ත දිනාගැනීමට උපකාර වන ආකාරයෙ සිල්වත් බවක් සේවකයාට ඇවැසිය. ස්වාමියා කෝප වී ඇති විට, ඔහුගේ යහගුණ ගැන ප්‍රශංසා කිරීම, ඔහුගේ ගුණ වර්ණනා කිරීම, ඔහුට ප්‍රිය උදවියට මනාපය පළකිරීම, ඔහුගේ කෝපයට ලක් වූවන්ට අමනාපය පළකිරීමසහ ඔහුගේ දානපති ස්වභාවය හුවා දැක්වීම ආදී ක්‍රම මඟින් එම කෝපය සංසිඳවිය යුතුය. එපමණක්ද? නැත. කටයුතු කිරීමේ හැකියාව, දැන උගත්කම හා සංවාදයෙහි ශූරත්වය ඇති තමන්ට ඉහළින් සිටින්නෙකුගේ ආශ්‍රයට පත්වූ විට, කෙනෙකු ඔහුගේ කීකරු අවනත සේවකයෙකුගේ තත්ත්වය ගත යුතුය. ඒත් ඒ දක්ෂ පුද්ගලයා වුව එයින් උඩඟු වී කටයුතු කරන්නට වුණොත් වහාම ඔහු අත්හැර දැමිය යුතුය.”

“ලාභ ප්‍රයෝජන ලැබිය හැකි තැනකම තම දස්කම් හා වදන් යෙදිය යුතුය. සුදු පැහ රෙද්දකට පොවන ලද වර්ණ වැඩි කළක් පවත්නා මෙනි.” කේවට්ට පැවසූ එබස් ඇසූ විදූෂක තම මලණුවන්ට මෙසේ සමුදුන්නේය. “මලණ්ඩ එසේ නම් කරා යාමට ඔබ සිතූ සිතුම මැනවින් ක්‍රියාත්මක වේවා! ඔබේ ගමන හැම අතකින්ම සාර්ථක වේවා!! අදහස් මුළුමනින්ම සඵල වේවා!!!”

The post 1.3 කේවට්ට සිවලා සිය සයවිධ යුද්ධෝපාය විස්තර කරයි appeared first on ශ්‍රී සරණතිස්ස දහම්පාසල.

1.2 කේවට්ට සිවලා සිංහ රාජයා වසඟයට ගැනීම
ශ්‍රී සරණතිස්ස දහම්පාසල - අන්තර්ජාලයේ සදහම් දොරකඩ

“හොඳයි දැන් ඔබ කරන්නට සිතා ඉන්නේ කුමක්ද?” විදූෂක තම මලණුවන්ගෙන් ඇසීය.

“මේ දැන්ම සිංහ රාජයා මගේ වසඟයට ගැනීමයි” කේවට්ටයා පිළිතුරු දුනි.

“උසස් පුද්ගලයන්ට පලක් වන සේ හැසිරීම් හැකියාව ඔබ ළඟ නැත. ඉතින් ඔබ ඔහු වසඟයට ගන්නා අයුරු මටනම් නොවැටහේ.” විදූෂක තවත් ගැටලුවක් ඉදිරිපත් කළේය.

“අයියණ්ඩි, ඔබ ජෝති නම් සෘෂිවරයා ගැන අසා තිබෙනවා නොවේද? පාණ්ඩව කුමාරවරු සතුරාගේ රාජ මාලිගයට ඇතුළු වූ ආකාරය ගැන ව්‍යාස පඬිතුමා කියා තිබෙන දේ සිහිපත් කරන්න. සවිය ඇති අයට කවර බරක් වුව ඉසිලීමට පිළිවන. උට්ඨාන වීර්යය ඇති අයට නොගිය හැකි මාර්ගයක් නැත. බුද්ධිමතාට මේ මගේ දේශය, එය විදේශය යයි වෙනසක් නැත. මුසා බස් කියන්නාට මේ ආගන්තුකයෙකැයි මේ හඳුනන්නෙකැයි වෙනසක් නැත. අපේ ප්‍රධානියා වූ කාවින්ද තුමා කුමක් හෝ හේතුවක් නිසා බියපත්ව පිරිවර මැදට වී නුග ගස යට ලැග සිටී. ඔහු වෙතට ගොස් බිය වීමට හේතුව අසා පෙර නුවණැත්තන් නිර්දේශ කළ සන්න්ධි, විග්‍රහ, යාන, ආසන, ආසන, සංග්‍රහ, දෙපිටහදී බව, යන සය විධි උපක්‍රම වලින් එකක් අනුව කටයුතු කරමි.” කේවට්ටයා ප්‍රකාශ කළේය.

“එහෙත් මේ ගැන සිතන්න. ඔබට අයිති නැති ඔබට නොපැවරුණ කටයුත්තක් කරන්නට ගොස් කාවින්ද රජු ඔබ කෙරෙහි නොසතුටු වී අවඥා කොට පන්නා දමන්නට බැරි නැහැ නොවේද?” විදූෂක ඇසීය.

“ඔබ කියන දෙයෙහි තරමක සැබෑවක් ඇත. එහෙත් තැනට හා වෙලාවට යෝග්‍ය පරිදි ක්‍රියා කිරීමේ සපන්කම මා වෙත ඇත. තැනට වෙලාවට යෝග්‍ය පරිදි කතා කරනාට නොදන්නා අය මහා ප්‍රඥාවන්තයෙකු වුව, අනුන්ගේ කෝපයටත්, අවඥාවටත් බඳුන් වන්නේය. තමන් කියන දෙයින් කිසිදු ප්‍රයෝජනයක් නොලබන්නේය. මේ ටිකත් අසන්න. ශූරයා ද, උගතා ද, රාජ්‍ය සේවයේ ප්‍රවීණයා ද, රන් රිදී වලින් විසිතුරු වූ මේ මිහිතලය ජය ගනිති. කිසියම් ස්වාමියෙක් සේවකයන්ගේ ශූර වීරකම් හා ගුණ යහපත්කම් ආදිය නොතකතොත් ඔහු නුවණැති සේවකයන්ගේ ඇසුර නොලබයි. කෙතරම් හොඳින් සී සා වැපුරුවත් කිරිමැටි පොළවක් ධාන්‍ය පල නොදෙන්නා සේ එවන් ස්වාමීන්ගෙන් කළගුණ ද නොලැබේ.”

“දයාව, දානය, පරිත්‍යාගය ආදී ගතිගුණවලින් හෙබි ස්වාමියාට ධනය නැතත්, පිළිසරණ නැතත්, පිරිවර නැතත් ඔහු ඇසුරු කිරීම සුදුසුය. මන්ද කවදා හෝ ඔහුගෙන් කළගුණ ලැබෙන බැවිණි. සැර පරුෂ වදන් තෙපලන ලෝභී ස්වාමියකුට වුව තරහින් අවලාද නගන සේවකයා, සුදුසු නුසුදුසු කථා නොදැන තම්න්ටම අපහාස කරගන්නෙකි.”

“ධන ධාන්‍ය ආදියෙන් සම්පූර්ණව සිටිමින්, කුසගින්නෙන් පෙළෙන සේවකයාට ආහාරයක් හෝ, වෙහෙසින් පීඩිත සේවකයාට ඉසුඹුවක් හෝ නොදෙන ස්වාමියා, කිසිදාක මල් ගෙඩි හට නොගන්නා ගසක් මන් ලෝක වාසීන් විසින් අත්හැර දමනු ලැබේ. නැණවත් සේවකයා රජුගේ මව, බිසව, පුත් කුමරු, අගමැති, පරෙවි බමුණා හා දොරටුපාලකයා යන හැමට රජුට මෙන් සැලකිය යුතුය. නැණවත් සේවකයෙක් තමන් විසින් කළයුතු හා නොකළයුතු දේ නුවණින් විමසා කරයි ද, රජතුමා දකින විට “පුණ්‍යවන්ත මහා රාජයාණනි, දිගුකල් වැජඹේවා!”යි එක සිතින් ආශිංසනය කරන්නේ ද, ඔහු රජුට ප්‍රිය මනාප වන්නේය.”

“කිසියම් සේවකයෙක් රජතුමාගේ ගුණ යහපත්කම් අගයමින් පසසන්නේ ද, සුදුසු දේ සුදුසු වේලාවේම ඉටු කරන්නේ ද, රජතුමා දුන් අණ ගැන සැකයෙන් විපරම් කරමින් නොසිට වහාම එය ඉටු කරන්නේ ද, ඔහු රජුට ප්‍රි මනාප වන්නේය. කිසියම් සේවකයෙක් රජු ඇසූ පැනයට අමිහිරි පිළිතුරක් නොදෙයි ද, රජුගේ සිත නොරිදවයි ද, රජු ඉදිරියේ ඔහුට නිගරු වනසේ මහ හඬින් සිනා නොවන්නේ ද, මනා හික්මීමෙන් යුතුව හැසිරෙන්නේ ද, ඔහු රජුට ප්‍රිය මනාප වන්නේය. කිසියම් සේවකයෙකු සූදුව මාර දූතයෙකු සේත්, සුරාව දරුණු විෂක් සේත්, රජ බිසවුන් පණ නැති ප්‍රතිමාවක් සේත් සලකන්නේ ද, ඔහු රජුට ප්‍රිය මනාප වන්නේය.”

“කිසියම් සේවකයෙක් තම ස්වාමියාගේ හතුරන් වෙත කෝපය පතුරුවන්නේ ද, ඔහුගේ මිතුරන්ට ආදරය කරන්නේ ද, සතුරන්ට කිසිම සැලකිල්ලක් නොකරන්නේ ද, මිතුරන්ට සැලකිලි කරන්නේ ද, ඔහු රජුට ප්‍රිය මනාප වන්නේය. කිසියම් සේවකයෙක් රජුගේ අදහස් වලට එරෙහි නොවන්නේ ද, ඔහුට දොස් නොපවරන්නේ ද, ඔහුගේ සතුරන් සමඟ එක්ව රජුට එරෙහි කූටෝපාය නොයොදන්නේ ද, ඔහු රජුට ප්‍රිය මනාප වන්නේය. කිසියම් සේවකයෙක් යුද්ධය සාමය සේත්, රටින් පිටවී අන් රටක වසන්නට සිදුවීම තම රටේම විසීම සේත් සලකන්නේ ද, ඔහු රජුට ප්‍රිය මනාප සමීපයෙකු වෙයි.” කේවට්ටයා සේවකයෙක් රජකු කෙරෙහි පැවතිය යුතු ආකාරය මෙසේ දීර්ඝ වශයෙන් විස්තර කළේය.

The post 1.2 කේවට්ට සිවලා සිංහ රාජයා වසඟයට ගැනීම appeared first on ශ්‍රී සරණතිස්ස දහම්පාසල.

1.1 තමන්ට අයිති නැති දේ කොට විනාශ වූ වඳුරා
ශ්‍රී සරණතිස්ස දහම්පාසල - අන්තර්ජාලයේ සදහම් දොරකඩ

ඉන්දියාවේ එක්තරා නුවරක විසූ වෙළඳාමේ නිරත තරුණයෙක් වනරොදක් තුළ දේවාලයක් තනවන්නට පටන් ගත්තේය. මෙතැන සේවය කළ සියලු දෙනා වෙත දවල් ආහාරය ගැනීමට නුවරට යාමේ පුරුද්දක් විය.

දිනක් සුපුරුදු පරිදි ඔවුන් අහර පිණිස නුවරට ගිය පසු වනරොදේ උන් වඳුරු රංචුවක් දේවාලය ඉදි කෙරෙන තැනට ආවෝය. ලී මැස්සක් උඩ තබා බාගෙට ඉරන ලද කඳේ ගසා තිබූ ලී කුඤ්ඤය දුටු එක් වඳුරෙක් “ඒ කුමක්ද?” කියා සිතමින් ලී කඳ මතට නැඟ එය අත පත ගාන්නට විය. ලී කඳ ඉරා දෙපළු කොට තිබූ කොටසේ හිඳගත් ඌ බොහෝ වෑයම් කොට කුඤ්ඤය ඇද එය ගලවා දැමීය. ඒ සමඟම කුඤ්ඤයෙන් දෙපසට කොට රඳවා තිබූ ඉරූ දැව පළු දෙක වේගයෙන් එකට එක්විය. ඒද නිකම්ම නොවේ. වඳුරාගේ යටිකය තලා පොඩි පට්ටම් කර ඌට ඉක්මන් මරණයක් ගෙන දෙමිනි.

“මලණ්ඩ, අනුන්ගේ කටයුතුවලට අත පෙවීමෙන් අපට පලක් නැතැයි මා කීවේ අන්න ඒ නිසාය. ඇරත් අපි කාවිඳයාගෙ හැසිරීම ගැන සොයන්නේ කුමටද? ඒවා සෙව්වත් නැතත් ඔහු කා ඉතිරි කරන සුන්බුන් අපට කොහොමත් ලැබෙනවා නොවේද?” විදූෂකයා කේවට්ටයාගෙන් ඇසීය.

“ඒ වුණත් අයියණ්ඩි අප සිංහයාගේ රාජ සේවයෙහි යොදවා ඇත්තේ මිතුරන් රැකගෙන සතුටු කිරීමටත්, සතුරන් හඳුනාගෙන වැනසීමටත් නොවේද? අපි බඩ පුරවා ගැනීම ගැන විතරක් සිතන එක හරිද? කුසලතාව, ශූරතාව, ඉසුරුමත් බව ආදියෙන් සම්පූර්ණ වූ යම් අයෙක් අනුන්ගේ ජීවිතයද, රැක ගනිමින් ඒවා පවත්වා ගැනීමට උපකාර වෙමින් කාලය ගෙවන්නේ නම්, ඔහු ශ්‍රේෂ්ඨයෙකු නොවන්නේද? අසුවුන හොඳ හා නරක සියල්ල ගිල දමමින් බොහෝ කල් වසන කපුටෙකු මෙන් ජීවත්වන පුද්ගලයා, හීන දීනයෙකු නොවන්නේද? දුකට පත් නෑයන් හා මිත්‍රයන්, ලෝකවාසීන්, මාපිය, ගුරුවර, සේවක ආදීන් කෙරෙහි කරුණාව නොදක්වන, ඔවුන්ගේ දුක් පීඩා අඩු කිරීමට උත්සාහ නොකරන පුද්ගලයාගේ ජීවිතයෙහි ඇති තේරුම කුමක්ද? ඔහු කුණු රොඩු ගිල දමමින් තමන්ගේ යහපත පමණක්ම සලකන කපුටෙකු මෙන් දිගු කලක් ජීවත් වූවත්, ඇති ඵලය කුමක්ද? එපමණක් නොවේ අයියන්ඩි, අනුන්ට උපකාර නොකරන, අනුන් ගැන අනුකම්පා නොකරන, තමන් උපන් ගෝත්‍රයේ කොඩියක් සේ ඉහලින් නොබැබලෙන පුද්ගලයා ඉපදීමෙන් සිදුවූයේ ඔහුගේ මවගේ තරුණ බව නැති කිරීම පමණකි.”

“අයියණ්ඩි, මා ඔබට මේ ගැන තවත් බොහෝ දේ කිව යුතුව ඇත. සියලු සත්ත්වයෝ මේ මහා සංසාරයේ ඉපදෙමින් මැරෙමින් යළි ඉපදෙමින් සැරි සරති. එහෙත් තමන් දියුණු වී අනුන් ද දියුණු කොට ඔවුන්ට ද, සැප පහසුකම් හා සම්පත් ලබාදිය යුතු යයි නොසිතන පුද්ගලයා, කොපමණ කලක් ආයු වැළඳුවත් ඔහුගේ ජීවිතය නිරර්ථකය. දියේ ගිලෙන්නට යන මනුෂ්‍යයෙකුට අසුවන පරිදි ගං ඉවුරේ වැවී ඇති තණපත පවා, අනුන්ට උපකාර නොවන අනුකම්පා විරහිත මිනිසාට වඩා උසස්ය. දයා දී ගුණ පිරි හෘදයත්, යහගුණ පිරි ජීවිතයත්, අනුන්ගේ දුක් පීඩා දුරැලීමේ අපේක්ෂාවත් ඇති පුද්ගලයෝ ලොව විරලය. මෙවන් සුචරිතවත් පූජනීය පුත්‍රයන් ලබන මව පවා ලෝවැස්සන්ගේ ගෞරවයට පාත්‍ර වෙයි. සත්‍යය හඳුනාගැනීම, දුරාචාරය හඳුනාගැනීම, ධර්මය හඳුනාගැනීම සහ සැබෑ මිනිසා හඳුනාගැනීම ආදී අත්‍යවශ්‍ය කටයුතු කිරීමට බුද්ධිය නැති මිනිසාත්, බඩ පුරවාගැනීම එකම අභිප්‍රාය කරගෙන ජීවත් වන තිරිසන් සතාත් අතර ඇති වෙනස කුමක්ද?”

“එසේ වූවත් මලයණ්ඩි, අපි කාවින්දයාගේ රාජ සභාවේ කිසිම තනතුරක් දරණ අය නොවෙයි. එසේ තිබියදී අපි අනුන්ගේ හැසිරීම් විපරම් කරන්නේ කුමටද?” කේවට්ටයාගේ දීර්ඝ දේශනයට සවන්දුන් විදූෂකයා ඇසීය.

“එසේ නම් මෙය අසන්න. උත්සාහය ඇත්නම් අදහස් ඉටුකර ගැනීම අසීරු නැත. මම ඔබට වැදගත් සත්‍යයක් කියමි. එය සිතට ගන්න. උත්සාහය ඇතොත් රාජ්‍ය සේවයේ සුළු මුලාදෑනියාද, මහ මුලාදෑනියෙකු වෙයි. තේජස් නැති අය මහා තේජස්වියෙක් වෙයි. රාජ්‍ය සේවයෙන් ඉවත්වූ පසු මහා මුලාදෑනියා නිකම්ම සුළු කෙනෙක් වෙයි. මහා තේජස්වියාද නිකම්ම තේජස් විරහිතයෙක් වෙයි. දැන උගත්කම් නැතත්, කුලීන බවක් නැතත්, උසස් හැදියාවක් නැතත්, රජවරු ඒ කිසිවක් ගැන නොසලකා තමන්ට කිට්ටුවන්ත කම ගැන පමණක් සළකා එසේ කිට්ටුවන්ත අයම ආශ්‍රය කරති. රජවරු පමණක් නොව ගැහැණු ද, වැල් වර්ග ද ළඟින් සිටින, ළ්ඟින් ඇති දේටම ඇලුම් කරති. උගත්තු, දියුණු වීමට කැමති අය, විද්‍යා ශිල්ප දත් අය, ශූරවීරකම් ඇති අය, එඩිතර අය හා සේවයේ පලපුරුදු අය යන හැමටද රජවරු රුචි කරති. එපමණක් නොව උපායශීලී අයට සර්ප, ඇත්, අස්, සිංහ ආදීන් වසඟ වන්නාක් මෙන්, සිහි නුවණ සහ බුද්ධිය ඇති අයට රජවරු වසඟ වෙති. වෙනත් අයගේ සිනාව හෝ රවා බැලීම නිසා මනුෂ්‍යයෙකුගේ දියුණුව හෝ පිරිහීම සිදු නොවේ. ගිහි ජීවිතයේ දියුණුව එය සරු වීම හා එහි අර්ථ සිද්ධිය ඇතිවීම සිදුවන්නේ, පුද්ගලයාගේ චරිත ශක්තිය අනුවමය.” කේවට්ටයා තම සොහොයුරාට ප්‍රකාශ කළේය.

The post 1.1 තමන්ට අයිති නැති දේ කොට විනාශ වූ වඳුරා appeared first on ශ්‍රී සරණතිස්ස දහම්පාසල.

1. මිතුරු සතුරුව
ශ්‍රී සරණතිස්ස දහම්පාසල - අන්තර්ජාලයේ සදහම් දොරකඩ

මිතුරු සතුරුව

එක්තරා වනයක වාසය කළ සිංහයෙකුත්, ගවයෙකුත් අතර පැවති දැඩි මිතුදමක් කේලාම් කීමෙහි දක්ෂ තණ්හාධික සිවලෙකු විසින් විනාශ කරන ලදී. එම මිතුරන් සතුරු කිරීම සිදුවූයේ මෙයාකාරයෙනි.

ඉන්දියාවේ මිථිලා නම් මහා නුවරක් විය. බොහෝ වත් පොහොසත් කම් තිබූ ධනවර්ධන නම් වෙළෙන්දෙක් එහි වාසය කළේය. දිනක් රාත්‍රී ආහාරයෙන් පසු යහනෙහි වැතිරුණු ඔහුට මෙසේ සිතිණි.

“බෙහෙවින් ධනය තිබියදී වුව, තව තවත් ධනය ඉපයිය යුතුය. උපයන ක්‍රම සහ විධි සෙවිය යුතුය. මන්ද ධනයෙන් නොවිඳිය හැකි, නොලැබිය හැකි සැපයක් නැති බැවිනි. මේ බව සිතට ගන්නා නුවණැති පුද්ගලයා නිතරම ධනය උපයන්නේය. මේ ධනයේ තවත් ලක්ෂණ කවරේ ද? ධනය ඇති අයට මිත්‍රයෝ බොහෝය. නෑයෝ ද බොහෝය. ඔහු බලය, කීර්තිය සහ තේජස ඇති පුරුෂයෙක් වෙයි. ධනයෙන් ලැබිය නොහැකි කීර්තිය, යස ඉසුරු, බලය, ශිල්ප ශාස්ත්‍ර හා කලා ආදිය කවරේ ද? ඒ හැම දනයෙන් ලැබිය හැක. ධනවත් තැනැත්තා ලෝකවාසීන් විසින් නෑයෙකු හා හිතවතකු සේ සලකනු ලැබේ. ධනය නැති අය, ඔහුගේම සහෝදරයන් සහ නෑයන් විසිනුත් නොතකා හරිනු ලැබේ. කඳු අතරේ සුළුවෙන් පහළ වන කුඩා දිය පහරවල් ටිකින් ටික ජලය එකතු කරගෙන මහා ගංගාවක් බවට පත්වන්නා සේ, වෙළඳාම් ආදී කටයුතු මඟින් ධනය ද වැඩි දියුණු වන්නේය.”

“එපමණක්ද? පූජාවට අයෝග්‍ය තැනැත්තාට පිදුම් ලැබෙන්නේත්, වටා රැස්වීමට අයෝග්‍ය පුද්ගලයා වටා පිරිස රැස්වන්නේත්, වැඳුම් ලබන්නට අයෝග්‍ය පුද්ගලයා වැඳුම් ලබන්නේත්, ධනය ඇති නිසයි. ආහාර හේතු කොට ඉන්ද්‍රියයන් පහේ ක්‍රියාකාරීත්වය වැඩි වන්නා සේ, ධනය නිසා පුද්ගලයාගේ කීර්තිය සහ බලය වැඩි වේ. ධනයට ඇලුම් කරන ලෝක වාසීහු ධනවතා මිහිදන් කොට ඇති තැනටත් ගෞරව කරති. ධනය නැති තැනැත්තාට ඔහුගේම දූ පුතුන්ගෙන් වත් සැලකිලි නොලැබේ. ධනය ඇති මහල්ලෙකු වුව තරුණයෙකි. ධනය නැත්තාට තරුණකම තිබුණත් ඔහු මහල්ලෙකි. සිඟායාම, රාජ්‍ය සේවය, ගොවි කර්මාන්තය, විද්‍යා ශිල්ප ශාස්ත්‍ර ආදියෙන් ප්‍රයෝජන ගැනීම, මුදල් පොලියට දීම හා වෙළ හෙළඳාම් ආදිය මඟින් ධනය ඉපයිය යුතුය. ඒවා අතරින් වෙළ හෙළඳාම කිරීමෙන් උපයන ධනය උසස්ය. ප්‍රශංසනීයය. කෙනෙක් එක්රැස් කොට තබන ලද ධනය කෙතරම් විශාල වුව එම ධනය තව තවත් ධනය ලබනු පිණිස ආයෝජනය නොකළහොත් වියැකී යන්නේය. එක්රැස් කොට තබන ලද ධනය සුළු වුවද, එම ධනය නැවත නැවත ආයෝජනය කළොත්, වේ තුඹසක් මෙන් ගොඩනැගෙන්නේය.”

“මේ විවිධ හේතු නිසා නූපයන ලද ධනය ඉපයිය යුතුය. ඉපයූ ධනය රැකගත යුතුය. රැකගත් ධනය වෙළඳාම් ආදී ව්‍යාපාරයන්හි යොදවා වර්ධනය කළ යුතුය. එසේ නොකෙරන ධනය රැක ගැනීමට කෙතෙක් උත්සාහ කළ ද, නිකම්ම වියැකී යන්නේය. ආයෝජනය නොකෙරෙන ධනය තමන්ට අයිති නැති ධනයක් හා සමානය. නුවණැති ලෙස භාණ්ඩ මිලට ගැනීම දත් පුද්ගලයා රටින් රටට ඒවා රැගෙන ගොස්, එමෙන් දෙතුන් ගුණයක් විශාල ධනයක් උපයා ගනී.”

ඇඳේ වැතිර ධනයේ අනුසස් පිළිබඳ සිතුවිලි සයුරක ගිලී සිටි ධනවර්ධන වෙළෙඳා රාමපුර නම් නගරයට වෙළඳාමේ යාමට තීරණය කළේය. සාධාරණ සේ මිල කළ හැකි, ලාභ ලැබිය හැකි බඩු රැසක් මිලට ගෙන ගැල් වල පටවාගත් ඔහු, මාපියන්ගෙන් සමුගෙන අතවැසිපිරිසකුත් සමඟ එනුවර බලා පිටත් විය. ධනවර්ධන වෙළෙඳා ගමන්ගත් ගැලෙහි බැඳ සිටියේ ඔහුගේ ගෙදරදීම ඉපිද හැදී වැඩුණ උසස් කුලයකට අයත් දේවින්ද සහ කස්සප යනබෙල්ලේ රත්‍රන් මිණිගෙඩි බඳින ලද සුදු පැහති ගොන් දෙන්නෙකි.

මෙසේ ගමන්ගත් ගැල්පෙළ නගර, ගම්, නියම්ගම් ආදිය පසුකොට අනතුරුව විවිධ ගහ කොළ සහ සතුන්ගෙන් සමන්විත මහා වනාන්තරයක් මැදින් යන්නට විය. වනය මැදින් ගැලූ යමුනා ගඟබඩින් යද්දී දේවින්ද නම් ගැල් ගවයා මඩ වගුර එරුණි. ඌ ගොඩට ගන්නට දැරිය හැකි හැම අයාසයක්ම දැරූ වෙළෙන්ඳා ඒ හැම අසාර්ථක වුව දිගටම උත්සාහ කළේය. දින පහකට පමණ පසු ඒ මඟින් පැමිණි තවත් එබඳුම වෙළඳ පිරිසක් එතැන්හි නතර වී, එරී සිටින ගවයාත්, ඌ ගොඩ ගැනීමට උත්සාහ කරන ධනවර්ධන ඇතුළු පිරිසත් දුටහ. එම වෙළඳ පිරිසේ නායකයා ධනවර්ධන කරා අවුත් මෙවන් අවවාදයක් කළේය.

“සිටිතුමනි, ඔබ හා පිරිස මේ එක ගොනකු නිසා භයානක සතුන් වසන මහ වනයේ ජීවිත අනතුරට ලක්කර ගන්නේ ඇයි? නුවණැති මනුෂ්‍යයෝ බොහෝ දේ ආරක්ෂා කර ගැනීමට සුළු දේ අත්හැර දමති. එහෙයින් ඔබ මේ ගොනා මෙහි දමා පිරිස සමඟ නිරුපද්‍රිතව පිටත්ව යන්න.”

ඒ නුවණැති උපදේශය කෙරෙහි සිත යොමු කළ ධනවර්ධන වෙළෙන්දා දේවින්ද ගොනුට සත්කාර කරනු වස් සුළු පිරිසක් එතැන රඳවා ඌ මඩෙන් ගොඩ ආවොත් කැටුව එන සේත්, මියගියොත් අවසාන ගෞරවය දක්වා එන සේත් අණ කොට සෙසු පිරිස සමඟ පිටත්ව ගියේය.

බියකරු වනසතුන් වසන වනයෙහි එක් ගොනකු රකින්නට රැඳී තම ජීවිත අනතුරට හෙළන්නට නොකැමැති වූ එම රැකවල්ලු පසුදා දේවින්දයා පණ පිටින්ම මඩ වගුරෙහි අතහැර වහ වහා ගොස්, වෙළෙන්දා නතරව උන් තැනට ළඟා වී “ස්වාමීණි, ගවයා මිය ගියේය. අපි ඌට අවසන් ගෞරවය දක්වා පැමිණියෙමු”යි කීහ. එබස් පිළිගත් වෙළෙන්ඳා තම පිරිස සමඟ රාමපුර නුවර බලා ගමන් ඇරඹුවේය.

ජීවත්වීමට වාසනාව සහ ආයුෂ තිබූ දේවින්දයා දින කිහිපයකට පසු වියළී ගිය මඩ ගොහොරුවෙන් ගොඩට විත් ගං තීරයේ සරුවට වැඩුණු තණකොල කමින් සුවදායි පරිසරයේ සැරිසරමින් කල් ගෙවන්නට විය. පෝෂ්‍යදායක ආහාරත්, විවේකයත්, මනා දේශගුණයකුත් නිස ඌ ටික දිනකින්ම මහත දෙහෙත ඇති සද්දන්ත ගවයෙකු වූයේය. විශාල සිරුරක් හා දිග අං යුවළක් සහිත මේ ගවයා අඟින් ඇන තුඹස් බිඳිමින් මහ හඬින් තපුල්ලමින් රිසි සේ වන තීරයේ ගැවසෙන්නට පටන් ගති.

මේ අවදියේ එම වනයේ විසූ  කාවින්ද නම් සිංහ රාජයෙක් තවත් සිවුපා පිරිසක් සමඟ දිය බීමට යමුනා ගඟ බඩට ආය. දේවින්දයාගෙ මහත් ශබ්දය ඇසුණු සිංහයා බොහෝ බියට පත්ව ඒ බවක් අනෙක් සතුන්ට නොඅඟවා නුග ගසක් යට ලැග තමන්ට ඇසුණ ශබ්දය ගැන සිතන්නට විය. ඒද නිකම්ම නොව සෝදිසි කිරීම, අනතුරු හැඟවීම, තනි රැකීම සහ එකට යාම යනාදී කටයුතු කරන චතුරාංගනී පිරිසට මැදිව සිටගෙනයි. සිංහයාගේ යට කී පිරිස අතරේ විදූෂක සහ කේවට්ට නම් තරුණ සිවල්ලු දෙදෙනෙකු වූහ. උන් කලින් එම සිංහයාගේ ප්‍රධාන උපදේශකයාව සිටි මහලු සිවලෙකුගේ පුත්‍රයෝය.

සිංහයාගේ අමුතු හැසිරීම දුටු කේවට්ටයාසෙමින් තම සොයුරාගෙන් මෙසේ ඇසීය. “අයියණ්ඩි විදූෂක, කාවින්ද රාජයා පිපාසයෙන් පෙළෙමින් සිටිමිනුත් ගඟ අයිනටවත් නොගොස් දිය බීමක් නැතුව, රැකවල් සහිතව නුග ගස මුල ලැග සිටින්නේ මන්ද? ඊට හේතුවක් නුඹට පෙනේද?” එබස් ඇසූ විදූෂක තම මලණුවන්ට මෙසේ කීය.

“මලණු කේවට්ට, අනික් අයගේ කටයුතු ගැන විපරම් කිරීමෙන් අපට වන කාරිය කුමක්ද? තමන්ට අයිති නැති දේ ගැන විපරම් කරන්නට ගොස් කුඤ්ඤයක් උගුලා විපතට පත් වඳුරා පිළිබඳ කතාව සිහියට ගන්න.”

“අයියණ්ඩි මම ඒ කතාව නොදනිමි. එය කියනු මැනවි”යි කේවට්ටයා කළ ඉල්ලීම පිළිගත් විදූෂකයා එම කතාව කීම ආරම්භ කළේය.

The post 1. මිතුරු සතුරුව appeared first on ශ්‍රී සරණතිස්ස දහම්පාසල.

සකස්කඩ නොකී කට, උගේ කට හුඹස් කට!
ශ්‍රී සරණතිස්ස දහම්පාසල - අන්තර්ජාලයේ සදහම් දොරකඩ

සකස්කඩ

සකස්කඩ

නමඃ ශ්‍රීඝණාය

දීපංකරාහ්වය මුනීශ්වර පාදමූලේ

සන්ත්‍යජ්‍ය ලබ්ධමෘතං කරුණා විධාය

අත්‍යාහිතං පරහිතං සූකෘතං විශේෂාත්

සිද්ධං නමෝස්තු සුගතාය ජගද්ධිතාය!

අප තථාගතයන් සංසිද්ධාශේෂ සම්භාර විශේෂ සාක්ෂාත්කරණීය සරවපාපමලප්‍රක්ෂාලනක්ෂම ආත්ම මෝක්ෂ නිරපේක්ෂ වැ, උදයව්‍යය භංග භයාදීනවාදි නව මහාවිදර්ශනඥාන පරම්පරාධිගත නිර්වාණ මහා සසරට පරිධාවමාන සමස්ත සත්ව මාතංගයා මහා කරුණාංකුශයෙන් හම්නවැ, ජාති ජරා භංග භංගීභංග භයානක රාගද්වේෂාමර්ශ මදමාන සාරම්භාදික්ළේශමකර නිකරාකීර්ණ සංසාර මහාර්ණවාවතීර්ණ ද්වාෂෂ්ටි ද්‍රෂ්ටිජාලාවබද්ධ, සර්වසත්ව සමුද්ධරණනුබද්ධ බුද්ධි ඇති වැ, කායජීවිත නිරපේක්ෂාභිජාත නිර්භරාභ්‍යාහිත සර්වලෝකෛකදීපායමාන දීපංකර තථාගත ව්‍යාකරණාභිෂේකයෙන් උද්ධීර්ණක්ලේශමලාපගම කොටැ නිර්මල වැ, අනේකමුක්තිමුක්තානුයාත සම්‍යක් සම්බෝධි සම්භාර හාරාලංකාරයෙන් සමලංකෘත වැ, ශශ්වදුපාස්‍යමාන පාරමිත දූතිකානුනීයමාන ධර්ම රාජ්‍ය ලක්ෂ්මී සංගම ගමන මංගලයට ආරම්භ කොටැ, කල්පකෝටිශතසහස්‍රාධික චතුරාසංඛ්‍ය කල්පකාලාභ්‍යාතිශය ස්වාත්මීකෘත සර්ව සම්පාද දාන නිදාන දාන ශීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය ක්ෂාන්ති සත්‍යාධිෂ්ඨාන මෛත්‍යුපේක්ෂා ලක්ෂණ දශවිධ පාරමිතා සාගරයෙහි පාරප්‍රාප්ත්වැ; මරාරාතිචක්‍රාක්‍රමණ සන්නද්ධ බුධාංකුර මහායෝධාද්ධ්‍යුෂිත තුෂිත භවනාරූඩ වැ; ශ්‍රද්ධානුරාගාවර්ජිතාමිතාමරවර මධු විධූයමාන චමීකරචාරු චාමර ධවලී කෘතෝදාර පාණ්ඩරතර කීර්ති විමානයෙහි වැඩැ වෙසෙමින්; භක්තිප්‍රේමාතිභාරාවනතසර්වසුරාසුර චක්‍ර චාරුචූඩාමණිමරීචි සඤ්චයපරිචුම්බිත චරණ කඛමයුඛ ජාලාභිෂේකයෙන් භුවනත්‍රයට අභිෂේක දී; දුර්ගති දුර්ගාභිමුඛවැ පරිධාවමාන සමස්ත සත්වසන්දර්ශනයෙන් සමුද්විග්නවැ, දිව්‍ය බ්‍රහ්මයන් විසින් සමාරාධිතවැ, මහාසම්මත පරම්පරානුයාත ශුද්ධසූර්යවංශාභිජාත සර්වගුණ ගණාභරණවිභූසිත කීර්තිමාලාපරිශුද්ධ ශුද්ධෝදන මහාරාජෝපනිශ්ශ්‍රයෙන් අපරිමිත පුණ්‍යසම්භාර රූපලාවණ්‍ය ගුණෝපේත මහාමායාදේවීන් ගර්භ චෛත්‍යාන්තර්ගර්භයෙහි ආත්මීය ප්‍රතිසන්ධාන ධාතු නිධාන කොටැ, ස්ඵටික චෛත්‍යාන්තර්ගත විරාජමානකනක ප්‍රතිමානුකාරයෙන් දිලිසෙමින් අනූනාධික දශමාසයක් මාතෘගර්භයෙහි වැසැ වසන්ත මද මෝදමාන මුඛර මධුකර භාර භරිතාංකුරිත කුසුමිත ඵලිත පල්ලව ලතා විතාන විතත විචිත්‍ර විශාල ශාල සල්ලකී කේශර නක්ත මාල තමාල නීඵ කදම්බාදී තරූෂණ්ඩ මණ්ඩිත ලුම්බිණී වනෝද්‍යානයෙහි මාතෘ ගර්භයෙන් ප්‍රසූතවැ; මහා බ්‍රහ්මෝපනීත ස්වර්ණපාලයෙන් ලෝකපාල දිව්‍යපුත්‍රෝපනීත අජින චර්මයෙන් මනුෂ්‍යෝපනීත දුකුලචුම්බටකයෙන් ක්‍රමයෙන් වඩා වසුධාංගනා මස්තකෛක ශේකරභාවයට සම්ප්‍රාප්තවැ; අශේෂ දෝෂාන්ධකාර නිකර නිරා කරණ සමුද්ගත තරුණ තරුණී මණ්ඩලානුකාරයෙන් දිලිසෙමින් දශ දිශා විලෝකනය කොටැ, අනන්තාපරිමාණ ලෝකධාතුපර්යාපන්න සමස්ත සත්ව නිකායෙහි ආත්මසදෘශාධික පුද්ගලාන්තරයක්හු නැති සේ දැකැ, උත්තරදිශාභිමුඛවැ සප්ත පදව්‍යතික්‍රමභාරාවසානයෙහි වැඩැ සිටැ, “අග්ගෝහමස්මි ලෝකස්ස ජෙට්ඨෝහමස්මි ලෝකස්ස අයමන්තිමාජාති නත්ථිදානි පුනබ්භවෝ”යි යනාදීන් අභීත සිංහනාද කොටැ,

සර්‍වසුරාසුරවර මත්ත මාතංග මාන මද පරිශෝෂණ නිපුණ සිංහ නාද පරිපූරිතාශේෂ භුවන කුහර ඇතිවැ, ශාක්‍යාධිරාජ සිංහපෝතක තෙම චතුර චතුරාශිති සහශ්‍ර කුල කුලප්‍රභේද විස්තීර්ණ බන්ධු වර්ගයා මධ්‍යයෙහි විරාජමානවැ, ශුක්ල පක්ශාභිවර්ධමාන චන්ද්‍රමණ්ඩලානුකාරයෙන් ක්‍රමාභිවෘධවැ ප්‍රභාස්වරතර වාරාංගනාමධ්‍යයෙහි විරාජමාන චන්ද්‍රලේඛානුකාරී යශෝධර ප්‍රමුඛ නේකකෝටි නාටක ස්ත්‍රීන් පරිවෘතවැ, ප්‍රතිදිනාරබ්ධ මංගල කපිලවස්තු මහා නගරයෙහි ක්‍රීඩානුභවයෙන් එකෝනත්‍රිංශත් සංවත්සරාතික්‍රාන්ත කොටැ,

ජරාජීර්ණ රෝගාවතීර්ණ මරණාවතීර්ණ පූර්‍වනිමිත්තසත්වසන්දර්ශනයෙන් සමුද්විග්නවැ ප්‍රව්‍රජිත රූප සන්දර්ශනයෙන් නිවෘත්තවැ, නෛෂ්ක්‍රම්‍යාභිමුඛ මනසින් සන්තුෂ්ටවැ, ඡන්න නම් අමාත්‍ය ද්විතීයවැ අනේක කෝටි ශත සහස්‍ර චක්‍රවාලාන්තරාල පරිස්ඵුරිත දිව්‍ය බ්‍රහ්ම ගනාකීර්ණ පාරිජාත මන්දාර මකරන්ද බින්දු සින්දුරිතාංග සුන්දරතර චතුරතර තුරංග යානයෙන් ප්‍රයාණය කොටැ ගංගා තීරයට සම්ප්‍රාප්තවැ;

සර්වාභරණ විභූෂිත කනක වර්ණදේහශෝභා ඇති වන බැවින් සුපුෂ්පිත කර්ණිකාර තරුශිඛර සමුද්ගත භ්‍රමරාවලී ලීලායෙන් ආත්මීය ඛඩ්ගධාරා සමුච්ඡින්න කේශධාතු ආකාශයෙහි විහිදැ, ඝටීකාර මහාබ්‍රහ්මෝපනීත විශිෂ්ටාෂ්ට පරිෂ්කාරයෙන් ප්‍රව්‍රජිතවැ, ප්‍රව්‍රජ්‍යාසුඛස්මෘති රසාස්වාදයෙන් සප්තාහාතික්‍රාන්ත කොටැ රාජගෘහ නගරවරයෙහි භික්ෂාටනයෙන් සන්තර්පිතවැ, ෂට් සංවත්සර මාත්‍රයක් ප්‍රධාන භූමියෙහි කොටැ, කෂ්ටව්‍රත සමාදානයෙන් මෝක්ෂයාගේ අලබ්ධභාවය ලෝකයා හට ප්‍රකාශ කොටැ, සුජාතෝපනීතක්ෂිර පායාස ප්‍රතිග්‍රහණයෙන් රූපකායානුග්‍රහ කොටැ, ස්වස්තිද්විජෝපනීථ කුශ මුෂ්ටි ග්‍රහණයෙන් මාරාරාතිසංග්‍රාමභූමිස්ථානීය බෝධිමණ්ඩලයට සම්ප්‍රාප්තවැ පෘථිවිසමුද්භේද්‍රෝගත කුසුම පර්යංක වරවාරණ සමාරූඪවැ චතුරංග සමන්විත වීර්යාධිෂ්ඨානයෙන් පදබන්ධය කොටැ තත්කාල සමායාත සංග්‍රාමාතිභීශණ මත්තමාතංග තුරංගාඩම්බර හර්ෂාහේෂාරව බධිරීකෘතාශේශ ත්‍රිභූවන භුවනපුටපාටනපටුපටහපණව දුන්දුභි ධිවනිප්‍රලයාශනි සම්පාත නිර්ඝෝෂයෙන් ඝෝෂ වූ දෝර්දණ්ඩ මණ්ඩල ධ්‍යූෂිත කෝදණ්ඩ දණ්ඩ කාණ්ඩ කම්පන හින්දිවාල කරවාලර්ධචන්ද්‍ර චක්‍රාදී විවිධායුධ සහස්‍ර දුර්වාර සපරිවාර මාර පරාජය කොටැ; ප්‍රථමයාමසමධිගත පූර්වෙනිවාසනුස්මෘතිඥානාලෝක බලයෙන් අනාගතාතීතකාලවර්ති සර්වදෝෂාන්ධකාර නිකර නිරාකණය කොටැ, මධ්‍යම යාම සමධිගත දිව්‍ය චක්ෂුරභිඥානාලෝක බලයෙන් චවමානෝත්පද්‍ය මානාද්‍යනේකසත්වසමීක්ෂණයෙන් අනාගතාමිත කාලවර්ත්‍යඥාන තමෝජාලප්‍රදාලනය කොටැ, පශ්චිමයාමසමධිගත සවාසනසර්වක්ලේශ සමුච්ඡේද සමස්තාෂ්ටාංගාර්ය මාර්ගඥාන ලක්ෂණ ආශ්‍රව ක්ෂයකරාභිඥා ඥානාලෝක බලයෙන් වර්තමාන සනතරාඥාන තිමිර පටල පුට පාටනය කොටැ; මෙසේ වූ ත්‍රිවිද්‍යාඥානාලෝක බලයෙන් අබ්ධත්‍රිතය සර්වදෝෂාන්ධකාර දුරීකරණයෙන් සංස්කාර, විකාර ලක්ෂණ නිවාණ, ප්‍රඥප්ති යන පඤ්චවිධ ඥෙයමණ්ඩලයෙහි ඓශ්චර්ය කරමින් අනාවරණ ඥානභිෂේකයෙන් සර්වධර්මාධිරාජ්‍ය පදයෙහි සුප්‍රතිෂ්ඨිත වැ; ස්ථාන භව යෝනි ගති විඥානස්ථිති සත්වාස භේද භින්න සර්වසත්ව වර්ගාශ්‍රිත ක්ලේශාරී වර්ග සමුච්ඡේද චතුර චතුරාශිතීසහස්‍ර ධර්මස්කන්ධ මහා නගර වරයට සම්ප්‍රාප්තවැ, චතුර්වෛශාරද්‍ය දශබල චතුර්දශ බුද්ධ ඥානාෂ්ටාදශ බුද්ධ ධර්මාද්වාත්‍රිංශත්වර මහා පුරුෂ ලක්ෂණයෙන් හා අශිත්‍යනුබ්‍යඤ්ජන ම්‍යාමප්‍රභා කේතුමාලාංකාරයෙන් විරාජමානවැ තථාගත වරධර්මචක්‍ර වර්තිතමාන නානාදේශයෙහි නානා කාලයෙහි නානාවිධ විනේය සත්වාශයානුශය චරිතාධිමුක්ත වශයෙන් සද්ධාර්මෘත වර්ෂා කරමින් සර්ව සම්පන්න ශ්‍රාවස්ති මහානාගරවරෝපනිශ්‍රය කොටැ, සර්ව ධර්මාධිරාජධානි ස්ථානීය ජේතවන මහා විහාරාධියෙහි වැඩැ වෙසෙමින් දෙසුවා වූ සූවසුදහසක් ධර්මස්කන්ධයට අන්තර්ගතවූ විශාල මහනුවර ජනපද රෝග භය පලවා කෙළ ලක්ෂයක් සක්වළෙහි ආඥා පැතිර දිලිසෙමින් සිටි රුවන් සූත්‍රයෙහි වදාළ තාක් ආඥාගුණ තේජෝබල මෛත්‍රීපුණ්‍යප්‍රභාවයෙන් සියල්ලෝ වැස්සන් හටද මටද සේනුසේ වියැ යුතු.

සර්වාන්තරාය වරන මහබිනික්මන් සකස්කඩ

නිමි.

ස්වස්ති භවතු!

වැදගත්: ඇතැම් පැරණි සිංහල අක්ෂර Unicode මාධ්‍යයෙන් අනුග්‍රහය නොදක්වන නිසා, ශබ්දය සලකා සඳහන් කර ඇති බව සළකන්න.

The post සකස්කඩ නොකී කට, උගේ කට හුඹස් කට! appeared first on ශ්‍රී සරණතිස්ස දහම්පාසල.

බුද්ධ ගද්‍යය
ශ්‍රී සරණතිස්ස දහම්පාසල - අන්තර්ජාලයේ සදහම් දොරකඩ

බුද්ධ ගද්‍යය

බුද්ධ ගද්‍යය

(බුද්ධ ගජ්ජය)

නමෝ බුද්ධාය!

නමඃ සමන්ත භද්‍රාය

සර්වගෝචර චක්ෂුෂේ

කරුණාමෘත කල්ලෝල

සින්ධවේ සූර්යබන්ධවේ

ජය ජය ධර්ම රාජ

ජනකෘතශර්ම පූජ

අසදෘශ බුද්ධලීල

අතිපරිශුද්ධ ශීල

ජය ජය ධර්ම රාජ

ජනකෘතශර්ම පූජ

අසදෘශ බුද්ධලීල

අතිපරිශුද්ධ ශීල

ස්ඵුටිත ගබස්ථි ජාල

බහුවිධ විශ්වපාල

ජගති නිරස්ත දෝෂ

ප්‍රශමිත ශස්ත වේෂ

රුචිර විමුක්ති භූෂ

මගධ විශිෂ්ට භාෂ

දණ්ඩිත බහුමාර

ඛන්ඩිත භවහාර

මණ්ඩිත ශුභගාථ

පණ්ඩිතජන නාථ

අඤ්චිත පද පාත

සඤ්චිත හිත ජාත

සාරහරි වරශයන

තාමරස නිහනයන

ලෝකජන සුඛ කරණ

ලෝලසුර නත චරණ

කාල ජය චතුරතර

ශිල ධර දිවසකර

බාල ජන කුමතිහර

ආලවක දමනකර

සුර නර පූජනාර්ය

බුධ ජන බෝධනා වීර්ය

පරහිත සාධනා කාර්ය

ත්‍රිභූවන ශාසනාචාර්ය

යාඥ ධීශගුණප්‍රණතිඥ

විඥා ධාර වර ස්ඵුටවිඥ

අඥා නාරිබලප්‍රහරඥ

ප්‍රඥා ධානමහත්ෂඩභිඥ

ධිෂණාමය සාරසායක

විපදාකුල හෙතුහායක

අජරාමර භූතිදායක

සචරාචර ලෝකනායක

දානවාරි පද්මාසනාථ

ධීරපූත චිත්‍රාසනස්ථ

වීතමෝහ රුද්‍රාසනස්ථ

බෝධමූල වජ්‍රාසනස්ථ

ප්‍රශ්‍රැතමෘදුවාචා වන්දන

නිඃශ්‍රැත්සුර පූජා වින්දන

සුශ්‍රැතජනමායා නන්දන

විශ්‍රැත කුලමායා නන්දන

ඉෂ්ට විනිෂ්ට සමුජ්ඣිත කෝප

තුෂ්ට වරිෂ්ට විවර්ජිත තාප

ශිෂ්ට විශ්ෂ්ට විනිර්ජිත තාප

අෂ්ට් චතුෂ්ට ච ලක්ෂණ රූප

යෝග්‍ය භාව ගණනාහෘත සීම

භාග්‍ය දාය ජනමෝදන රාම

වාක්‍ය ලේශ පරිශෝෂිතකාම

ශාක්‍ය රාජකුල සාගර සෝම

ප්‍රේරිත ශාසන නීති විශාල

ධාරිත බෝධි මනෝහර මූල

වාරිත මාර වධූජන ලීල

පූරිත පාරමිතා දශශීල

කාම ප්‍රභා තාර රෝචිර් දිනේශ

හේම ප්‍රභා ශෝභමාන ප්‍රදේශ

ශ්‍යාම ප්‍රභාම පූර්ණානර්ඝ කේශ

ව්‍යාම ප්‍රභා ලෝකාලෝකප්‍රකාශ

චීර්ණා ඛිලඥාන යෝගර්ධි චන්ද්‍ර

පූර්ණා ධරච්ඡේදනේරාර්ධ චන්ද්‍ර

පූර්ණා ගමඛ්‍යාත ධීරාර්ධ චන්ද්‍ර

ඌර්ණා රුචිච්ඡේද බාලාර්ධ චන්ද්‍ර

කුම් භෝද යාදීශ විශ්වත්‍ය රාජ

දම් භෝලි ශාලීශ විස්තුත්‍ය රාජ

අම් භෝධි නීකාශ සද්ධර්ම රාජ

සම් භෝධි වාගීශ සත්කර්ම රාජ

නිකුඤ්චද් භවාදීනවාශේෂ බුද්ධ

සදඤ්චද් ගුණාවෙශ ශීලාදි ශුද්ධ

විරිඤ්චද් ප්‍රභාභේද ශෝභාප්‍රසිද්ධ

උද්ඤ්චශ් මහා කේතුමාලානුබද්ධ

අනුසමය ශුභ සාර භාෂණ

අතුලගුණ ධර විතරෝෂණ

අතිමලින භවරාග ශෝෂණ

අපරිමිත වරශීල භූෂණ

ප්‍රසුත ප්‍රහත ප්‍රසව ප්‍රචල

ප්‍රථිත ප්‍රගුණ ප්‍රමද ප්‍රඵල

ප්‍රණත ප්‍රචුර ප්‍රභව ප්‍රදල

ප්‍රකට ප්‍රණය ප්‍රතිම ප්‍රබල

නිස්තාරි විඛ්‍යාත විශ්වජන ශරණ

අස්තාරි සද්ධීර වෘන්දශිව කරණ

ශස්තාරි සත්ත්‍යාග සිද්ධකර චරණ

විස්තාරි ෂඩ්භේද වර්ණවර කිරණ

ව්‍යක්තිකර වින්‍යාස සාධු ජන සංග

භක්තිකර සම්මාන නාද මධු භෘංග

භක්තිධර සංසාර භේද රණ රංග

මුක්ති පුර කල්‍යාණ මොඅද මුනි තුංග

සරසිජ නිඃශ්‍රැත විරචිත තන්ත්‍ර

සපදි තිරස්කෘත භවභය යන්ත්‍ර

බුද්ධජන ශික්ෂිත බහුවිධ තන්ත්‍ර

ත්‍රිභුවන විශ්‍රැත නවගුණ මන්ත්‍ර

බහුලෝල කථනීය රාවාධි රාව

ගුඅශීල කරණීය සේවාධි සේව

අවිපාක රමණීය භාවාධි භාව

ජගදේක මහනීය දේවාධි දේව

තපන ශශි ශිඛි මහස්සත්‍යාවබෝධන

අනය කුල මය තපස්සත්‍යාවබාධන

අපරිමිත ගුණ වචස්සත්‍යාවසාධන

සකල ජනහිත චතුස්සත්‍යාවබෝධන

අගතිලක තලනර්ම චක්‍ර ප්‍රවර්ධන

සුගතිකරබහුකර්ම චක්‍ර ප්‍රවර්ධන

දුගතිමය භවකර්ම චක්‍ර ප්‍රසූදන

ජගතිකෘත වර ධර්ම චක්‍ර ප්‍රවර්තන

සිද්ධාගම සද්භාවන විඥාපිත පාක

බුද්ධාගම් විඛ්‍යාපන විඝ්නාපිත නාක

ශුද්ධාගම විස්තාරණ විඝ්නාපිත ලෝක

සත්‍යාගම විස්තාරණ විඝ්නාපිත ලෝක

මර්ත්‍යාමර්ත්‍ය දාන පාත්‍ර ලුප්තශෝභ කාඤ්චන

මර්ත්‍යා ලබ්ධ ධර්මගාත්‍ර ලුප්තලෝභ කාඤ්චන

වෘත්ත බෘන්ද ශීතමඤ්ජු චිත්‍රජාති වාඤ්ඡන

සත්සමන්ත කූට ගෘංගදත්ත පාද ලාඤ්චන

ප්‍රථිත චරිත සංග ගීති නීති සදන

අමිත විමල ධර්මශීල නීති සදන

බහල ධවල පුඤ්ජහාර චාරු රදන

ශිශිර කිරණ මණ්ඩලාභිරාම වදන

ජාතදිව සීය මහ මෝදිත පිතාමහ

වීතමල ලෝක හිත පූත කුශලා මහ

බාහුබල ඝෝර රණ මාරබහු වීරහ

රාහුනය නාවිෂය පාදසරසීරුහ

ප්‍රෙම පූග සීම භූරි සෝම සාර වාචන

භීම භාව භාම රාග නාම රූප සූදන

වාම දේවකාම නාථශ්‍යාම පාද රෝධන

හේම රාශි ධාම චාරු නාම රූප ශෝභන

වාද බද්ද විස්ඵුරත් කුදෘෂ්ටි දෘෂ්ටි සඤ්චය

භේද චිත්ත සම්භව ප්‍රපඤ්ච පද්ම සඤ්චය

පාද පද්මසඤ්චර ප්‍රඵුල්ල පද්ම සඤ්චය

වේද සිද්ධ ශේමුෂීප්‍රභග්න භේද්‍ය සඛ්න්චය

අඛිල ලෝක පූජිත ප්‍රහිත සර්ව ශෝචන

සකල තාප වේදන ප්‍රභව්‍යසංග මෝචන

මධුර සාර ශීතල ප්‍රකට භව්‍ය වාචන

නිරව ශේෂගෝචර ප්‍රණත බුද්ධි ලෝචන

කිරණ නිවහ ප්‍රියම්මණ්ඩිතවිතත පුෂ්කර

කලුෂ හරණ ස්ඵුරත්නව ලලිත පුෂ්කර

ගමන සමය ස්වයන්නද දමිත පුෂ්කර

සකල භුවන ප්‍රියංකරණ චරණ පුෂ්කර

නිත්‍යපේශල නිත්‍ය දක්ෂිණ නිත්‍ය භාව තථාගත

නිත්‍යභාසුර නිත්‍ය දේශිත නිත්‍ය භාව තථාගත

නිත්‍යවිස්මය නිත්‍ය වත්සල නිත්‍ය මෝදතථාගත

නිත්‍යමංගල නිත්‍ය සුන්දර නිත්‍ය පූජ්‍ය තථාගත

ත්‍රිවිධ ශුභ චලනවර ජලජ නිභ යුගල

විනය මය විවිධ මනු සමිත දුරිතගල

මථිත බහු විෂය භර භරිත භව යුගල

ප්‍රණත සුර මකුට මණි ඝටිත පද යුගල

හේලා විරචිත දෝලා හිතජන මූලාගම විදි දීපන වාට

හාලා හල නිභ ශාලා භවශුභ ලීලා විදලන ශාසන ඣාට

බාලා නය මති ජාලා ධර හර ශීලා යුධදර වාරිද කූට

කෝලා හල කර නාලාගිරි ගජ කාලා කෘති මද වේග විඝාට

වන මුදිත විස්පෘෂ්ට මධුරතර නාද

ජන හෘදය මධ්‍යස්ථ කමලමෘදු පාද

විනය බල විච්ජින්න දුරිත කුලභේද

අනවරත සද්ධර්ම විතරණ විනෝද

අරුණ පදතල සකල විෂයක විමල දශවිධ මතිබල

කරුණ ජලනිධි ලහරි පරිකරා සතත කුශලිත මහිතල

විශද දිනමණි කිරණ විකසිත කමල මෘදුතල කරතල

දශ දිගු පහත සුරභි කුලවර වදන විකසිත පරිමල

අනගමති මනෝඥං ධර්මරාජස්‍ය ගද්‍යං

ලිඛති පඨති වා යඃ සාදරං වා ශ්‍රැණෝති;

ත්‍රිභුවනාන්තඃ ප්‍රාප්‍ය භෝගානශේෂා

නනුභවති සනිත්‍යං ශාන්ත නිර්වාණසෞඛ්‍යම්

බුද්ධ ගද්‍යය නිමි.

වැදගත්: ඇතැම් පැරණි සිංහල අක්ෂර Unicode මාධ්‍යයෙන් අනුග්‍රහය නොදක්වන නිසා, ශබ්දය සලකා සඳහන් කර ඇති බව සළකන්න.

The post බුද්ධ ගද්‍යය appeared first on ශ්‍රී සරණතිස්ස දහම්පාසල.